Monday, April 14, 2025

සිනමාවේ විකාශය

ශ්‍රි ලංකාවේ ඉංග්‍රීසි චිත්‍රපට



ශ්‍රී ලංකාවේ සිනමාව ප්‍රසිද්ධ කටයුත්තක් බවට පත්වූයේ වෙස්වික් මේජර් නැමැති ඉංග්‍රිසී ජාතිකයා විසින් වර්ධනව කරන ලද බයිස්කෝප් ප්‍රදර්ශනය නිසා ය. මේ චිත්‍රපට දර්ශනය කරනු ලැබුවේ විවෘත ස්ථානයන්හි වන අතර, අටවාගත් කූඩාරම් තුළ ඒවා ප්‍රදර්ශනය කෙරෙන ලදී. 1903 දී ප්‍රථම වතාවට ස්ථීර චිත්‍රපට ශාලා මදන් තියෙටර් මගින් ගොඩනගන ලදී. මෙම සමාගම ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලද අතර, එය ඉතා සාර්ථක විය. මෙනිසා එහි විරුද්දවාදී ඔලිම්පියා සමාගම මගින් වෙනත් චිත්‍රපට ශාලා දියුණු කිරීමට පෙළඹිනි.

චිත්‍රපට නිශ්චිත සංස්කෘතීන් මගින් නිර්මාණය කෙරුණු සංස්කෘතිකමය මානවකෘතීන් ලෙස සැලකිය හැකි අතර පෙරලා ඒවා මගින් සංස්කෘතිය වෙත ද බලපෑම් ඇති වේ. ප්‍රචලිත විනෝදාස්වාද ක්‍රමයක්, පුරවැසි අධ්‍යාපනය (හෝ අධිශික්ෂණය) සැපයීම සඳහා ප්‍රබල ක්‍රම වේදයක් සහ කලාත්මක නිර්මාණයක් ලෙස චිත්‍රපට සැලකිය හැක. සිනමාවෙහි දෘෂ්‍ය ගුණය හේතුවෙන් එය සතුව විශ්වීය සංනිවේදක හැකියාවක් පවතියි. ඇතැම් චිත්‍රපට හඬකැවීම් හෝ උපසිරැසි (මෙහිදි සංවාද පරිවර්තනය කොට ඉදිරිපත් කෙරෙයි) යෙදාගැනීමෙන් ලොව පුරා ප්‍රසිද්ධ නිර්මාණ බවට පත්ව ඇත.

සිනමාව යනු:

සිනමාව යනු නූතන කළා මාධ්‍යයි.චිත්‍ර, නැටුම් සංගීත වැනි ලලිත කලාවන් සේම සිනමාවද ලලිත කලාවක් ලෙසින් අදහස් කරයි.ලෝකයේ සෑම ප්‍රදේශයකටම එකසේ ජනප්‍රිය අංගය සිනමාවයි.මෙසේ වීමට සිනමාව පසුපස ඇති රහස මොකක්ද යනුවෙන් ගතහොත් සිනමාව යනු එකම කලාවක් සහ කර්මාන්තයකි.

සිනමාව කතන්දර කීමේ මාධ්‍යයි.කතන්දර ඇසීමේ ආශාව මිනසාගේ ජීව විද්‍යාත්මක ආශාවකි. මිනිසා යනු සමාජීය සත්වයෙකි. මේ නිසා මිනිසා නිහඬතාවයට, නිශ්චලතාවයට බිය වේ.මිනිසාට චලනය නොවී සිටිය නොහැකිය. මන්ද ඕනෑම ජීව වස්තුවක් චලනය වන බැවිනි.චලනය ජීවයේ පදනමයි.සිනමාවේ පදනම ජීවය හා චලනයයි.මිනිසාගේ අද කතා රසයේ ලොල් බවට හොඳම පිළිතුර ලබා දෙන්නේ සිනමාවයි.වර්තමානයේ ඩිජිටල් සිනමාව දක්වා මෙම තත්වය වර්ධනය වී ඇති බව හදුනාගත හැක.කලාත්මක මාධ්‍යක් ලෙස සිනමාවේ පවතින මූලික ශක්‍යතාවයන් සොයාගනු ලැබූයේ ග්‍රි පිත් විසිනි.

සිනමාවේ සෘෂිවරයා වන්නේ ග්‍රිපිත්ය.ඔහුගේ අදහස වූයේ සම්පුර්ණ රූපය සිනමාවට නැගිය යුතුය යන අදහස නොවේ. අප සාමාන්‍ය ජීවිතයේදී පුද්ගලයෙකු දකින්නේ ඒ ඒ අවස්ථාවට අපගේ අවධානය ප්‍රාත වන කොටස් ලෙසය. ඒ හැර අප මනසින් කපන රූප, රූප කෝණ ලෙසඔහු දක්වයි.සමීප, මධ්‍යම දුර ආදී ලෙස ග්‍රි පිත් විසින් කතා කීමේ කලාවට වඩා හොදින් කිරීමේ ක්‍රම වේදයක් තනයි.සිනමාව මේ තරම් ජනප්‍රිය වන්නේ අන් කිසිදු මාධ්‍යකට සිනමාව තරම් කථාවක් කිව නොහැකි නිසයි.දිනෙන් දින සමාජය හැකිලීමට පරිවර්තනය වේ.මේ හැකිලීම සිනමාවේ ප්‍රසාරණයට හේතු වේ. සමාජයේ හැකිලීම යනු දිනෙන් දින සන්නිවේදනයත් සමග සමාජය කුඩා වීමයි. එහිදී මිනිසාට නිකරුණේ කාලය ගත කිරීමට වෙලාවක් නොමැති නිසා මාධ්‍ය විසින් එයට ලොවක් තනාදී ඇත. මේ අනුව ඇතම් විට ඉතා ගැඹුරින් අපූරු ලෙස අත්දැකීම් කීමේ කලාවක් ලෙස සිනමාව හැඳින්විය හැකිය.

කැමරාව

කාන්තාරයේ ඇති අධික උණුසුමට හසු ව, වැලි කැට විනිවිද පෙනෙන කුට්ටි බවට පත් වන බවත්, එම කුට්ටි හරහා බැලූ විට, පෙනෙන රූපය විකෘති ව පෙනෙන බවත්, එමෙන් ම එය යම් දුරකට සුමට කළ විට එයින් හිරු එළිය ඒක රාශි කොට ගින්දර වුව තනා ගත හැකි බවත් සොයා ගත්තේ ඔවුන් ය. එමෙන් ම පරිසරයේ පවතින යම් යම් ද්‍රව්‍ය එකට එකතු කිරීමෙන් සාදා ගන්නා සමහර ද්‍රව්‍ය ආලෝකයට නිරාවරණය වූ විට වෙනස් ගති ලක්ෂණ පහළ කරන බව ද සොයා දැන ගත්තේ මේ චීන ජාතිකයන් ය. ඔවුන් ඒ පෙරදිග දැනුම සිය සේද මාවත ඔස්සේ පෙරදිගට ගෙන ආවෝ ය. අපරදිග යුරෝපීයයෝ ඒ දැනුම උකහාගෙන, ඒවා විවිධ පර්යේෂණයන්ට ලක් කොට, එයින් එළි දුටු තාක්ෂණය තමන්ගේ බවට ලියා ගත් හ.

කැමරාව බිහි වූයේ ද එලෙසිනි. එකළ ලොව වඩාත් පරසිදු ව තිබුනේ අතිතාත්වික චිත්‍ර ශිල්පයයි Hyper Realistic Painting. තමන් දුටු දේ කිසිදු වෙනසක් නැති ව, ඒ ආකාරයෙන් ම ඇඳීම එකල නිර්මාණශිල්පියාගේ අතිශය දක්ෂතාවක් විය. මේ චිත්‍ර කර්මාන්තයේ යෙදෙන්නන්ට, මූලික සංකල්ප චිත්‍රය Visual Sketch සටහන් කර ගන්නට ඔවුන් විවිධ ක්‍රම අත්හදා බැලූ හ.

පින්හෝල් කැමරාව – Pinhole Camera

එකල යුරෝපයේ භූමි දර්ශන අඳින චිත්‍ර ශිල්පීහු වඩා නිවැරදි ව තමන් රුචි පරිසරය සටහන් කර ගන්නට තැනින් තැන ගෙන යා හැකි ලොකු කාමරයක් වැනි පෙට්ටියක් භාවිතා කළ හ. එහි එක් බිත්තියක කැන්වසය රැඳවූ අතර. අනෙක් බිත්තියේ සිහින් සිදුරක් විදින ලදී. මේ සිදුරෙන් පෙරී එන ආලෝක කදම්බ මගින් කැන්වසය මත දෘෂ්‍ය ප්‍රතිබිම්බයක් නිර්මාණය වූ අතර, එය චිත්‍ර ශිල්පියා විසින් පැන්සලෙන් හෝ චාකෝල් මගින් හෝ කැන්වසය මත සටහන් කර ගනු ලැබිනි. පින්හෝල් කැමරාව ලොවට බිහි වූයේ ඒ අනුසාරයෙනි. කැමරාව යන නම බිඳී ආවේ ද ප්‍රංශ බසිනි. ඒ කාමරයට කියන නම කැමරා නම් වීම නිසා ය.

කැමරා ඔබ්ස්ක්‍යුරා – Camera Obscura

ලොව මුලින් ම කැමරාව හැඳින්වූයේ කැමරා ඔබ්ස්ක්‍යුරා නමිනි. ඔබ්ස්ක්‍යුරා යනු ප්‍රංශ බසින් අඳුරු යන්න හඳුන්වන නාමයයි. ඒ අනුව කැමරා ඔබ්ස්කියුරා යනු අඳුරු කාමරයයි. ඒවා භාවිතා කළේ ද චිත්‍ර ශිල්පීන්ම ය. මේ වන විට උත්තල කාචය පිළිබඳ සංකල්පය ලොවට දායාද කොට තිබුණේ ය. කාච ද නිර්මාණය කොට තිබුණේ ය. ඒ කාච භාවිතා කරමින් සාදා ගන්නා ප්‍රතිරූපය කඩදාසිය මතට ප්‍රක්ෂේපණය කොට, චිත්‍රය සටහන් කර ගැණිනි. මේ කාල වකවාණුව වන විට ද ඡායාරූපයක් ස්ථාවර ව සටහන් කර ගන්නා ක්‍රමවේදයක් සොයා ගෙන තිබුණේ ද නැත.

ලාංකේය චිත්‍රපට

1947 ජනවාරි 21 වැනිදා ‘කඩවුන පොරොන්දුව’ තිරගත කිරීමෙන් සිංහල චිත‍්‍රපට ප‍්‍රදර්ශනය ලංකාවේ ආරම්භ කළ බව සත්‍ය කතා පුවතක්. නමුත් ඊට පෙර 1922 වර්ෂයේ දී විනාඩි 10ක කෙටි වාර්තා චිත‍්‍රපටයක් මෙහි ප‍්‍රදර්ශනය කර ඇති බව සිනමා ඉතිහාසය සෙවීමේදී සොයාගත හැකි විය.

ධර්මපාලතුමා සහ ප‍්‍රභූන් පිරිසක් කල්කටාවේ ධර්මරාජිත විහාරයට සර්වඥ ධාතු වැඩම වීමේ උළෙලක් ආශ‍්‍රිතව විනාඩි 10ක කෙටි චිත‍්‍රපටයක් මෙහි ප‍්‍රදර්ශනය කර ඇත. ඒ ප‍්‍රදර්ශනය කර ඇත්තේ මරදානේ පැලස් නමින් වූ සිනමා හලක .


කඩවුනු පොරොන්දුව

එස්. එම්. නායගම් මහතා මෙහි අර්ථපතියා නිෂ්පාදක වූ නමුත් ඔහු ඉන්දියානු ද්‍රවිඩ ජාතිකයකි. ඔහු සිංහලයන් සමග සුහදව කටයුතු කරන්නකු බවට පෙන්වා දීමට මෙන්ම තම ව්‍යාපාරය දියුණුකර ගැනීම උදෙසා ‘ස්වදේශීය’ යන නම මුලට යොදා කටයුතු කළේය. කඳානේ ස්වදේශීය කර්මාන්ත ශාලාව නමින් වූ ව්‍යාපාරය ඔහුගේ බව දැන සිටියේ ටික දෙනෙකි. මදුරෙයි පිහිටි ඔහුට අයත් ‘චිත‍්‍රකලා’ ස්ටුඩියෝවේදී ‘කඩවුන පොරොන්දුව’ කැමරාගත කෙරිණි. කවුරුත් නොකළ දෙයක් කරමින් පුරෝගාමියා වීමේ අභිලාෂයෙන් පෙළුණ නායගම් ශබ්ද පරිපාලකවරයකු ලෙස ඉන්දියාවේ ප‍්‍රකටව සිටි ජේ. සිංහ ‘කඩවුනු පොරොන්දුව’ අධ්‍යක්‍ෂණය කරමින් අධ්‍යක්‍ෂකවරු පිරිසට එකතු වූහ.



චිත්‍රපට ප්‍රධර්ශනය වීම

1947 අපේ‍්‍රල් 5 වනදා කොළඹ රීගල් තියටර් සිනමාහලේදී අශෝකමාලා චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කළේය. ඒ මංගල දර්ශනය වශයෙනි. අපේ‍්‍රල් 9 වැනිදා සිට පිටස්තර සිනමාහල්වල ප‍්‍රදර්ශනය ආරම්භ කෙරිණි. ටී. ආර්. ගෝප සම අධ්‍යක්‍ෂ වශයෙන් කටයුතු කළ නමුත්, සිංහල සිනමාවේ නළුවකුට කථාරචකයකුට, දෙවන චිත‍්‍රපටය මෙහෙයවීමට ලැබීම විශේෂ කීර්තියක් විදියට සලකනු ලැබේ.

 ශාන්තිකුමාර්, සෙනවිරත්න, එව්ලින් දිඹුලාගල, මයිකල් සන්නස් ලියනගේ, පීටර් සිරිවර්ධන, මයිකල් රුද්‍රිගූ, හර්බි සෙනෙවිරත්න, ශාන්ති මිරාජ් ඇතුළු ටවර්හෝල් නළු නිළි කිහිප දෙනෙක්ද අශෝකමාලාට දායක වූහ. සිංහල චිත‍්‍රපටි ප‍්‍රදර්ශනය ආරම්භ කිරීමත් සමගම නාට්‍ය කලාව ක‍්‍රම ක‍්‍රමයෙන් අවසානය කරා ළඟාවෙන බව තේරුම්ගත් ටවර්හෝල් ශිල්පියකු වූ සිරිසේන විමලවීර ද චිත‍්‍රපටයක් නිෂ්පාදනය කරන්නට මං සෙවීය. විමලවීර ටවර්හෝල් ඉදිරිපිට තිබුණු ගොඩනැඟිල්ලක කුඩා කාමරයක් ගෙන මුද්‍රණාලයක් පටන් ගත්තේය. සිංහල චිත‍්‍රපට ලෙසින් ‘කඩවුණ පොරොන්දුව’’ ‘‘අශෝකමාලා’’ ‘‘කපටි ආරක්ෂකයා’’ ‘‘දිව්‍ය ප්‍රේමය’’, ‘‘වැරදුන කුරුමානම’’ යන චිත‍්‍රපට තිරයට පැමිණ ඇත්තේ ද්‍රවිඩ මුහුණුවරක් ගත් චිත‍්‍රපට බව පවසමින් සිංහල චිත‍්‍රපටයට සිංහල මුහුණුවරක්, ජාතික මුහුණුවරක් දිය යුතු බව පවසමින් රටේ උද්ඝෝෂණයක් ඇතිකිරීම ආරම්භ කළේය. 

විමලවීර තම මුද්‍රණාලයත් කුඩා මෝටර් රථයක් විකුණා චිත‍්‍රපට සමාගමක් පිහිටුවා ගත්තේය. ඔහුගේ නාට්‍යවල රඟපෑ සියලූම නළු නිළියන් සමඟ පාරට බැස මහජනතාව දැනුවත් කරමින්, චිත‍්‍රපට සමාගමක් ඇතිකිරීමට ආධාර ඉල්ලා සිටියේය. උගුර ලේ රහ වනතුරු කෑ ගසමින් රට පුරා ගිය අතර ජනතාව ඔහු වටා රොක් වූහ. රුපියල් හැටපන්දහසක් ඔහුට එකතුවිය. එයද රැගෙන විමලවීර ඉන්දියාවට ගියේය. එම මුදලින් චිත‍්‍රපටයක් නිපදවීමට හැකිදැයි සොයා බැලූවේය. අඩුම තරමින් ලක්ෂ දෙකක්වත් නොමැතිව චිත‍්‍රපටයක් නිපදවීමට නොහැකිවන බව දැනගත් විමලවීර පසුතැවිලි විය.


  • චිත‍්‍රපටි සංස්ථාව ආරම්භය.


විවිධ දේශපාලන පක්ෂවලට වැඩ කරමින් සිනමාව රැකගැනීම උදෙසා පවතින රජය මගින් සිනමාව නඟාසිටුවීමට කටයුතුකළ කලාකරුවන්ගේ බලාපොරොත්තුව ඉටුකරමින් අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විසින් ‘චිත‍්‍රපට සංස්ථාව’ ඇති කළේය.

චිත‍්‍රපට කර්මාන්තයේ උන්නතිය උදෙසා විවිධ ආයතන මගින් සිනමා සම්මාන උත්සව පවත්වන ලදී. එක්සත් ලංකා රසික හවුල පිහිටුවා එහි සභාපතිනිය වූ සිරිමතී රසාදරී ලංකාවේ පළමු සිනමා සම්මාන උළෙල පැවැත්වූ නිළිය වීම ඉතිහාසගතය. ඉන්පසුව ‘දීපශිකා’, ‘සරසවිය’ චිත‍්‍රපට විචාරක සම්මාන යනුවෙන් උළෙලවල් පැවැත්විණි. මෙමගින් විවිධ අංශවලට සම්මාන පිරිනැමීමේ හේතුවෙන් සිනමා කර්මාන්තයේ යෙදුණු සෑම දෙනෙක්ම සතුටට පත්වූහ.

වසර ගණනාවක් අත්හිටුවා තිබුණ ‘දීපශිකා’ සම්මාන උළෙල 1972 නැවතත් පටන් ගැනණිි. වසර 25ක් සිංහල සිනමාවට කළ සේවාව වෙනුවෙන් එඞී ජයමාන්නට ‘දීපරත්න’ ගෞරව සම්මානය පිරිනැමුණු අතර, රුක්මණි දේවියට ‘දීපරාණි’ ගෞරව නාමය පිරිනැමීමත් මෙහිදී සිදුවීම කැපී පෙනෙන්නක් විය. සම්මාන අතරට දේශපාලන සම්මාන වශයෙන් ‘ජනාධිපති සම්මාන’ පිරිනැමීම අප අමතක නොකළ යුතුය.

ගාමිණී ෆොන්සේකා ලංකා චිත‍්‍රාගාරයේ පාලක අධ්‍යක්‍ෂක ලෙසින් පත්වූයේත්, තිස්ස අබේසේකර රජයේ චිත‍්‍රපට අංශයේ අධ්‍යක්‍ෂවරයා ලෙස පත්වූයේත් 1972 වසරේදීය. සිරිසේන විමලවීර සතුව තිබූ කිරිබත්ගොඩ ‘නවජීවන චිත‍්‍රාගාරය’ ‘පිටිසර කෙල්ල’, ‘අම්මා’, ‘සීදේවි’, ‘සිරකරුවා’, ‘සරදියෙල්’, ‘පොඩිපුතා’, ‘එකමත්එක රටක ’ චිත‍්‍රපටත් සමඟ සිනමා සමාගමට රුපියල් අනූදහසකට වෙන්දේසි වූයේය. මෙම චිත‍්‍රාගාරය ‘රුපියල් 76125කට සිනමාස් සමාගමට උකස්කර තිබිණි.


https://divaina.lk/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B7%80%E0%B7%83%E0%B6%BB-75%E0%B6%BA%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%BD/

Tuesday, April 1, 2025

කොරල් පර සැබෑව

 කොරල් පර යනු නොගැඹුරු නිවර්ථන පෝෂක පදාර්ථ ඉතා සුළු ප්‍රමාණයක් හෝ පෝෂ ද්‍රව්‍ය‍ නොමැති සමුද්‍ර ජලයෙහි අන්තර්ගත ජීවි විශේෂ වලින් නිෂ්පාදනය කරනු ලබන ඇරගනයිට් ව්‍යුහයන් වේ. කොරල් පර වල ප්‍රමුඛතම ජීවි විශේෂයන් වනුයේ පාෂාණමය කොරල්ය. මේවා කැල්සියම් කාබනේට් බහිස්සැකිලි ස්‍රාවය කරන ගනාවාසයේ නිඩේරියාවන්ගෙන් සැදී ඇත. කොරල් ඉතා කුඩා ජීවියෙකුගේ නිර්මාණයකි.මේ කුඩා ජීවියා "පොලිප් ජීවියා" හෙවත් බුහුබාවා ලෙස හදුන්වයි.






ලෝකයේ දක්නට ලැබෙන ඉතාමත් චමත්කාර ජනක වුද, වෙරළ බඩ පරිසර පද්ධතියක් වශයෙන් කොරල් පර ආශ්‍රිත පරිසර පද්ධතිය හැදින්විය හැකිය. එමෙන්ම ජෛව ක්‍රියාවලියන් ආශ්‍රිත නිර්මාණය වන භූරූප පද්ධතියක් වශයෙන්ද මෙය හැදින්විය හැකිය.

කොරල්පර වර්ග 183 ක් දැකිය හැකි ය.කොරල්පර වර්ධනයට අවශ්‍ය සාධක නම්, සාගර ජලයේ උෂ්ණත්වය 20°-30° විය යුතුය,අධික ලවණතාවය තිබිය යුතුය ,මනා ලෙස සූරයාලෝකය ලැබීම වැනි සාදක ය .කොරල්පර වර්ධනය ඉතා සෙමෙන් සිදු වේ.වවසරකට 15 cm ක් පමණ වර්ධනය වේ.තව ද පැහැදිලි ජලය ඇති විට ද වර්ධනය සිදු වේ. ශ්‍රි ලංකාවේ කොරල්පර දැක ගත හැකි .


*📌 ශ්‍රී ලංකාවේ කොරල් පරවල් (Coral Reefs of Sri Lanka) – විස්තරාත්මක තොරතුරු*  


ශ්‍රී ලංකාව ගිඟුරු මුහුදෙන් වටවූ, දැකුම්කලු *කොරල් පරවල් (coral reefs)* රැසක් ඇති දිවයිනක්. මෙය *මහා ජෛව විවිධත්වයකින්* හා *සන්සුන් මුහුදේ ආරක්ෂාවක්* ලබාදෙන වැදගත් පාරිසරික වස්තුවකි. 🇱🇰🌊🐠  


---


*🔹 කොරල් පරවල් කුමක්ද?*  

කොරල් පරවල් යනු, *පොලිප්ස් (polyps)* නම් කුඩා සත්තු විසින් සාදන *කැල්සියම් කාබෝනට් (calcium carbonate)* ව්‍යුහයන් වේ. මෙය මුහුදේ ජීවීන් *(මිණිස්සුන්ටද!)* විශාල වශයෙන් අත්‍යවශ්‍ය වේ. 🏝️🌊  


---


*📌 ශ්‍රී ලංකාවේ ප්‍රධාන කොරල් පරවල් 📌*  


*1️⃣ හික්කඩුවා කොරල් පරවල (Hikkaduwa Coral Reef) 🏝️*  

✔️ *ස්ථානය* – ගාල්ල දිස්ත්‍රික්කය, හික්කඩුව 🏝️  

✔️ *විශේෂතා* – ලංකාවේ ප්‍රසිද්ධම කොරල් රිෆ් එකකි. *Marine National Park* ලෙස ද පිළිගැනේ.  

✔️ *ජීවීන්* – කොළොස්සන් මසුන්, සුදු කටු මසුන්, කුඩා කලාප මසුන් 🐠🐢  

✔️ *අනතුරු* – සංචාරක ආකර්ෂණය නිසා *මෝටර් බෝට්*, *පලිගත් ප්ලාස්ටික්*, *උණන්දු වෙන තාපය* ආදී කරුණු නිසා නසී යයි. 😔🌊  


---


*2️⃣ බාර් රිෆ් (Bar Reef – Kalpitiya) 🐠*  

✔️ *ස්ථානය* – පුත්තලම දිස්ත්‍රික්කය, කල්පිටිය 🏝️  

✔️ *විශේෂතා* – *ලංකාවේ විශාලතම කොරල් පරවල* එකකි. මීටර් 3-5ක් ගැඹුරට සෙරෙන විශාල ජලජ ජීවීන් ඇති ව්‍යුහයකි.  

✔️ *ජීවීන්* – දුර්ලභ *කලු කටු මසුන්, කොහොඹ මසුන්, තද පාට කොරල්, විශාල sea turtles 🐢*  

✔️ *අනතුරු* – *වෙරළ කඳුළු සමාගම හා මසුන් ගබඩා කිරීම* නිසා විනාශ වේ. 


---

ලෝකයේ දක්නට ලැබෙන ඉතාමත් චමත්කාර ජනක වුද, වෙරළ බඩ පරිසර පද්ධතියක් වශයෙන් කොරල් පර ආශ්‍රිත පරිසර පද්ධතිය හැදින්විය හැකිය. එමෙන්ම ජෛව ක්‍රියාවලියන් ආශ්‍රිත නිර්මාණය වන භූරූප පද්ධතියක් වශයෙන්ද මෙය හැදින්විය හැකිය.


🔹 *Coral Reef Monitoring* – විද්‍යාඥයින් සහ පරිසර විද්‍යා පේ‍්‍රක්ෂකයින් විසින් කොරල් පද්ධති නිරීක්ෂණය.  


*3️⃣ නීති සහ නියාමන (Laws & Regulations) 📜*  

🔹 *1990 – කොරල් කැණීම් තහනම් කිරීම* (Coral Mining Ban) – උල්වෙරළ (Limestone Reefs) ආරක්ෂා කිරීම.  

🔹 *Sri Lanka Coastal Zone Management Plan* – වෙරළ ආරක්ෂාව සදහා නීති *(සංචාරකයින් සඳහා රෙගුලාසි).*  

🔹 *National Aquatic Resources Research and Development Agency (NARA)* – මුහුදු සම්පත් සංරක්ෂණය.  


*4️⃣ Sustainable Tourism & Awareness 🛶*  

🔹 *Eco-Friendly Snorkeling & Diving* – අධික සංචාරක ගමන්පදවීම් අවම කිරීම.  

🔹 *Community Awareness Programs* – වෙරළ ප්‍රදේශ වල ජනතාව දැනුවත් කිරීම.  

🔹 *Plastic-Free Beach Campaigns* – වෙරළ කසළ ප්‍රවේශමෙන් ඉවත් කිරීම.  


---


*🌍 අපි කොරල් පරවල් ආරක්ෂා කිරීමට මොනවද කළ හැක්කේ?*  

✔️ මුහුදට *පොලිතින්, තෙල්, සහ අපද්‍රව්‍ය නොදැමීම* 🚯  

✔️ *Eco-friendly tourism* සහ coral-friendly sunscreen භාවිතා කිරීම 🌿  

✔️ *Coral damage කරන boat anchors, fishing nets ඉවත් කිරීම* 🛶  

✔️ *Community conservation projects වල සහභාගී වීම* 🤝  


---


*🔹 නිගමනය (Conclusion) 📢*  

*ශ්‍රී ලංකාවේ කොරල් පරවල් ආරක්ෂාව අවශ්‍යම වේ.* දැන්ම ක්‍රියා නොකරන්නේ නම්, මීලඟ පරම්පරාවට මෙම නයිටිවල ස්වාභාවික සුන්දරත්වය නැතිවිය හැක. 💙  




  පේරුවේ පිටසක්වලට පාර කියන නස්කා රේකා නස්කා රේඛා යනුවෙන් හඳුන්වන්නේ පේරු රාජ්යයේ දකුණු දෙසට වන්නට පිහිටි නස්තෘ කාන්තාරය මත දක්නට ලැබෙන අති ...