මාධ්‍ය ආචාර ධර්ම
ගතවන සෑම නිමේෂයක්ම සමාජයේ තොරතුරු හුවමාරු කිරීමට යොදා ගනී මානවයා විධිමත් හා විධිමත්වයන් දෙආකාරයෙන්ම තොරතුරු හුවමාරු කිරීම සිදුකරන අතර මෙලෙස තොරතුරු ලබාගන්න එක
ආකාරයක් ලෙසට මාධ්‍ය අභ්‍ය හඳුනාගත හැකි මාධ්‍යයේ ජනමාධ්‍ය සමාජ මාධ්‍යවශයෙන් දෙයාකාර වන අතර මෙම මාධ්‍ය විවිධාකාර වූ ආචාර ධර්ම පද්ධතින් මූලධර්ම මත පදනම් බැවින් නිර්මාණය වී ඇත.
විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය යන මේ තුන ප්‍රධානතම බලවේග තුනක් ලෙස ප්‍රජන් ප්‍රවාදයේ රාජ්‍යයක් පාලනයකරයි. මෙය පාලනය කරන ඉතුරු බලවේගය ලෙස මාධ්‍ය ක්‍රියා කරයි එබැවින් ලෝකයේ මාධ්‍ය ප්‍රබලම සමාජ ක්‍රියාකාරීත්වයට දායක වේ .
ආචාර ධර්ම මේ නිසා තුළින්ම නිර්මාණය වූවක් වන අතර මෙයට ආගමික සංස්කෘතික වැනි සාධක බලපා ඇත. විවිධ සමාජ පසුබිම්වල් මාධ්‍ය ආචාර්ම ධර්ම බිඳ වැටීමට හේතුවෙ.
මාධ්‍ය හිමිකරුවන්
මාධ්‍යවේදයෙන්
පුරවැසියන්
යන සාධක ත්‍රිත්වය මාධ්‍ය හිමිකාරීත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේදී වැදගත් සාධකයක් ලෙස කටයුතු කරයි.එසේ මධ්‍ය හෙවිකාරීත්වයක් රාජ්‍ය පෞද්ගලික අංශයෙන් දෙයාකාරයකට බෙදී පවතී වර්තමානයේ වන විට මෙම මාධ්‍ය හිමිකාරීත්වය බහුජාතික සමාගම් වාර්තා අධිපත්‍යයක් මත ක්‍රියාත්මක කරන අවස්ථා දකින ගත හැකිය .අනෙකුත් නාලිකා අභිබවායාමෙන් ආකර්ශනීයව වාර්තාකරණය වාර්තාකරණයේ යෙදීම උපක්‍රමික භාවිතය ආදිය පිළිබඳව බෙහෙම්ම අවධානය යොමුකරයි .
ඇරිස්ටෝටල්ට අනුව ආචාර ධර්ම යනු ආත්ම සාක්ෂාත්කරණීය (Self-realization) ලක්ෂණය කි. එය අර්ථවත් වන්නේ ඒ ඒ සමාජ සන්දර්භයනට අනුගතව ය. ආචාර ධර්ම වල උපයෝගීතාවය සහ එයට අනුගත වීම යනු ඒ ඒ සමාජ සන්දර්භයනට ප්‍රවේශ වීමේ ශක්‍යතාවය ප්‍රගුණ කිරීමකි. උපදින විට මිනිසා සමාජයීය මිනිසකු නොවූවත් සමාජීය මිනිසකු වීමේ ශක්‍යතාවය ප්‍රගුණ කළ හැකි අයෙකි. සමාජයෙහි නියම ස්වරූපයන් හඳුනා ගැනීමට නම් එම සමාජයෙහි සාමාජිකයෙකු බවට පත් විය යුතු ය.
ආචාර ධර්මීය ස්වරූප සහ එහි හැසිරීම් තුළ මාධ්‍ය නිදහස ගොඩ නැගෙනවා ද නැතහොත් මාධ්‍ය නිදහස සමාජ පද්ධතියට පරිබාහිර සාධකයක් ලෙස සිට සමාජයට බලපෑම් කරන්නේ ද යන්න පිළිබඳ තර්කනය අතිශය වැදගත් ය. නිදහසේ තොරතුරු දැනගැනීම සහ නිදහස් තොරතුරු දැනගැනීම තුළ ඇත්තේ ද ආකෘති දෙකකි. නිදහසේ තොරතුරු දැනගැනීමේ අයිතිය ඇති අතර නිදහසේ තොරතුරු සහ මත බෙදාදීමේ අයිතිය ද පැවතීම තුළ මාධ්‍ය වෘත්තිකභාවය (Professionalism) තුළ ගැටලූ මතු වේ. ඒ ඕනෑම වෘත්තියක් තුළ සමාජ ආචාරධර්ම සහ සාරධර්ම පවතින බැවිනි. මෙය එකිනෙකින් වියුක්ත නොවන, සමපාත ද නොවන ප්‍රධාන පැතිකඩ දෙකකි.
මෙලෙස මාධ්‍ය වෙළඳ සේවා හා මහජන සේවා ලෙස වර්ගීකරණයට ලක් කළ හැකිය රාජ්‍ය මාධ්‍ය යුතුකම් වන්නේ වෙනස් සේවා ලක්ෂණ අභිබවා යමින් මහජන සේවාව සිදුකිරීමයි. නමුත් පෞද්ගලික නාලිකාවල අභිප්‍රාය වන්නේ ඔවුන්ගේ ලාභය උපරිම කර ගනිමින් පෞද්ගලික සේවයක් සැපයීම උදෙසා මාධ්‍ය ආචාර ධර්ම ඉක්මවා යමින් ආකර්ෂණය ලෙස සංදේශ ඉදිරිපත් කරමින් ග්‍රාහකයා ඇඳවන තබා ගැනීමටයි. මාධ්‍යාද නම් ලාභ ලැබීම අත්‍යවශ්‍ය කාරණාවක් වන අතර නමුත් මාධ්‍යාචර ධර්ම සුරැකීමෙන් එය ලාභ ලැබේවා ඉතා ආචාර ධර්මීය ක්‍රියාවක්වේ.වර්තමානය වන විට බොහෝමයක් වෙළඳසේවා ලක්ෂණ දැක්කත හැකි වේ.
මෙලෙස මාධ්‍යයට ප්‍රධාන වශයෙන්ම ආචාර ධර්මය ක්‍රියා හේතුවෙන් විවිධ සීමාකම්වලට ලක් වීමට ලැබී ඇත .දූෂිත තොරතුර වාර්තා කරන්නේ නම් මාධ්‍ය විසින් තේ නිදහස ආයතන ලෙස යොදා ගැනීම භාවිතය .පුරවැසියාගේ පොදු මතයට බාධා වන නොවන ලෙස මාධ්‍ය විසින් ආචාර ධර්මීය ආකාරයෙන් සංදේශ ඉදිරිපත් කිරීමේ වැදගත්ය .
විශේෂයෙන්ම ජනමාධ්‍ය ගත්විට පුවත්පත රූපවාහිනි ගුවන් විදුලිය සිනමාව මේ මාධ්‍ය ත්‍රිත්වයම එක හා සමාන ලෙස මාධ්‍යාචාර ධර්ම කඩකිරීමේ අවස්ථා දැක ගත හැකිය.එලෙස මාධ්‍ය ආචාර ධර්ම සම්මතයන් අනුව සුරැකීම නීතිවලින් ඔබ්බට ගොස් රැකිය යුතු වෘත්තීය ආචාර ධර්ම සමූහයක් ලෙස වඩාත් නිවැරදිය.වර්තමානය වන විට සියලුමාත්‍යයන් ආකර්ශනයව පෙළඹුවා ගැනීම උදෙසා මාධ්‍ය සංදේශ ඉදිරිපත් කිරීම දැකගත හැකිය ආචාර ධර්මීය වන අවස්ථා දැක ගැනීම ඉතාමත් අල්ප වශයෙන් පවතී .





